3001 - අවසාන වීර චාරිකාව
ආතර් සී. ක්ලාක්
පරිවර්තනය- එස්. එම්. බන්දුසීල
..........................
"ඔව් අපි චන්ද්‍ර ගුරුත්වයට වෙනස් වෙනවා. දැන් එළියට බැස්සහම දැනෙන්නේ හඳ
මත ඉන්නවා වගේ. ඔයා ඉංජිනේරුවෙක් බව ටිකකට අමතක කරලා මේ දර්ශනය නරඹා විනෝද
වන්න"
එය හොඳ උපදෙසක් වුවත් පූල්ට මේ විශ්වකර්ම නිර්මාණයෙන් සිත
ඉවතට ගත හැකි නොවීය. එක අතකින් බලන විට මෙහි පුදුම වීමට දෙයක් නැති බව
පෙනේ. තමාගේ කාලයේත් විවිධ ප්රචාලන ක්‍රම ගැන සොයා බැලුවත් මෙවැන්නක්
නිපදවිය හැකි යැයි කිසිවෙකුත් සිතුවේ නැත. කිලෝමීටර් තිස්හය දහසක් උස යෝධ
ගොඩනැගිලි අද එදිනෙදා දෙයක් බවට පත්ව තිබේ.
රොකට් යුගය මින් ශත
වර්ෂ ගණනාවකට පෙර අවසන් විය. ප්රචාලන පද්ධති, දහන කුටීර හා විලයන
ප්‍රතික්‍රියා ආදිය පිළිබඳ ඔහුගේ දැනුම සම්පූර්ණයෙන්ම යල් පැන ගිය ඒවා බව
පෙනේ. රොබෝ හඬකින් "අපි තව මිනිත්තු දෙකෙන් ගමනාන්තයට ළඟා වෙනවා" නිවේදනය
වීමත් සමග පූල් ගේ සිතේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේය.
තම
අත් ඔරලෝසුව දෙස බැලූ පූල් දුටුවේ මේ ගමනට ගතවී ඇත්තේ පැය භාගයකටත් අඩු
කාලයක් බවයි. මේ අනුව ඔවුන්ගේ වේගය අවම වශයෙන් පැයට කිලෝමීටර විසිදහසක් විය
යුතුය. එහෙත් පහළ දර්ශන පථය විශාල වීම හැරෙන්නට චලනය වන බවට වෙනත් කිසිම
සාක්ෂියක් නොතිබුණි.
සෙමෙන් විවෘත වූ දොරින් එළියට ආ පූල්ට තරමක
අන්දමන්ද බවක් දැනුණත් එයට හේතුව ගුරුත්ව හා අවස්ථිති ක්ෂේත්‍ර තුළින් ගමන්
කිරීම බව ඔහු දැන් දනී.
ඈත පෙනෙන පොළොව මනස්කාන්ත දර්ශනයක් වුවත්
එයට වඩා පුදුම උපදවන දේ මෙහි ඇති බව පූල් ඉක්මනින් අවබෝධ කර ගත්තේය. ඔවුන්
තිදෙනා සිටියේ මුළුමහත් කුළුණ වසා පැතිරී තිබුණු යෝධ කුටීරයක් තුළ ය. එහි
බිත්ති අතර දුර කිලෝමීටර් පහකටත් වැඩි බව පෙනුණි. මේ කාලය වන විට හඳේ හා
අඟහරු ලෝකයේ විශාල කුටීර ඇති බව අසා තිබුණත් මේ තරම් විශාල ඒවා ඇතැයි පූල්
අපේක්ෂා කළේ නැත.
ඔවුන් තිදෙනා සිටියේ පිටත බිත්තියේ සිට මීටර
50ක් පමණ ඈතින් වූ වේදිකාවක් මතයි. පොළොවේ ජීව වස්තු විශාල ප්‍රමාණයක්
පරාසයක් මෙහි දක්නට ලැබුණත් ඒවා අඩු ගුරුත්වයට හැඩගැසී ඇති බව පෙනුණි.
තරමක් දුරින් කුඩා වැවක් වූ අතර එයට ජලය ගෙන එන දිය පාරක් ද දකින්නට හැකි
විය. පහත ලෝකයේ ඇති සියලු දෙයක්ම මෙහිද නිර්මාණය කොට ඇත්තේ කෙතරම් ඈතට ගමන්
කළත් තම ආරම්භය අමතක කිරීමට මිනිසාට නොහැකි නිසා විය යුතුය.
පූල්
ජීවිතයේ ප්‍රථම වරට බියට පත්වූයේ එහි යෝධ ඕකිඩ් වගාවක් නරඹමින් සිටිද්දිය.
හදිසියෙන් විවර වූ උයන්පල්ලාගේ කාමරයෙන් එළියට ආවේ ඩයිනෝසරයෙකි.
රේක්කයක් හා ලොකු කතුරක් අතට ගත් ඩයිනෝසරයා ට මල් වගාව අතරින් නොපෙනී යාමට වැඩි වේලාවක් ගත වූයේ නැත.
පූල් බියට පත්ව ඇති බව වටහා ගත් ඉන්ද්‍රා කරුණු විස්තර කළාය.
"අපි හැකි හැම අවස්ථාවකම රොබෝවන් වෙනුවට ජීව වස්තු යොදා ගන්න උත්සහ කරනවා.
ඒක 'කාබන් අනුරාගය' ලෙස හඳුන්වන්න පුළුවන්. හැබැයි මේකෙ තවම අපිට විසඳන්න
බැරි වුණු අභිරහසක් තියෙනවා."
" ඒ මොකක්ද?"
" ඕනෑම
කෙනෙකුට හිතෙනවා ඔරන්ඔටන්, ගෝරිල්ලා වැනි ශාක භක්ෂකයින් මේ වගේ වැඩට පුරුදු
කරන එක ලේසියි කියා. ඇත්තෙන්ම නම් ඒ සතුන්ට මේ සඳහා අවශ්‍ය ඉවසීම නැහැ.
නමුත් අපේ යාළුවා වගේ මාංශ භක්ෂකයෝ හරි ලේසියෙන් පුහුණු කරන්න පුළුවන්. මේ
පිටුපස අවුරුදු දාහක පමණ ජාන ඉංජිනේරු කටයුතු තියෙනවා"
" ඔබ විශ්වාස කරයිද මං දන්නේ නෑ, හුඟක් අය ළමයි බලාගන්නත් දැන් ඩයිනෝසරයන් යොදා ගන්නවා"
3001
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Arthur C Clarke - ආතර් සී ක්ලාක්
- - S.M.Banduseela - එස් එම් බන්දුසීල
- ISBN: 9789559594025
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 90